පාසලේ ඉතිහාසය

නව ශිශ්‍යනායක මණ්ඩලය.

img-20231130-wa0004.jpg
13-1.jpg

පොළොන්නරුව රාජදානියට උරුමකම් කියන, දිඹුලාගල පුදබිමේ පහස ලබන වී කරලින් සුපෝශිත වූ ඇල්ලේවැව ගම්මානයේ දූ දැරියන්ගේ නෙත් පාදන පො/ දිඹු /ඇල්ලේවැව විදුමෑණියන් හට අපගේ ගෞරවය පලමුවෙන්ම පුදකරමු.

වර්ෂ 1986 ජනවාරී 02 වැනි දින ඇල්ලේවැව ගම්මානයේ ආරම්භ වූ  අපේ  පාසලේ පලමු විදුහල්පති තුමන් වූයේ, G.T.M.A.B.තෙන්නකෝන් මහතාය. පාසලේ මුල්ම ශිෂ්‍යයා වූයේ එම්.පි.හේමන්ත නම් සිසුවාය.ඔහු මුලින්ම 6 ශ්‍රේණියට ඇතුලත් කරගනු ලැබීය.මුල්ම ශිශ්‍යාව වූයේ නිල්මිනි නම් ශිශ්‍යාවයි.

 

  ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. අප පාසලේ සිසුවෙකු වූ සමන් කුමාර නම් ශිශ්‍යා මුල් වතාවට විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමටත්, එය වානිජ අංශයෙන් විමත් අවට ගම්මාන වලින් සිසු දරුවන් පාසලට ඇදී ඒමටත් ප්‍රදානතම හේතුවක් විය. පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය. වර්ෂ 2019 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු අතර පාසල වෙනුවෙන් මහින්දෝදය තාක්ශණික විද්‍යාගාරයක් සිසු අයිතියට පැවරුන අතර එමගින් පරිගණක සාක්ශරතාව ඉහල නැංවීමට ඒ හරහා මහගු පිටිවහලක් සැපයේ.පරිගණක පාටමාලාවන් සිසුන් වෙනුවෙන් සහ බාහිර පාර්ශවයන් උදෙසාත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. තවද මෙහි අනෙකුත් අංශ වන විද්‍යාගාරය, ගණිතාගරය හා බාශාගරය මගින්ද සිසු දරුවන් උදෙසා පලදායි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය වී ඇත.2024 පෙබරවාරි මස හය ශ්‍රේණියට නවක සිසුන් බදවා ගැනීමත් සමග එම පංති කාමර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කොට සිසු අයිතියට පත් කර දුනි.එයට සමගාමීව එදිනම සිසුන්ගේ පානිය ජල ගැටලුවට සාර්තක පිලියමක් ලෙස , කැනඩාවේ සහ එන්ගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකික වෛද්‍ය වරියන් දෙදෙනෙකුගේ පරිත්‍යාගයෙන් ආරෝ තාක්ශනයෙන් යුතු පනිය ජල ව්‍යතියක්ද  සිසු දරුවන්ට දායාද කර දුනි.

ඉදිරියේදී සම්පත් දායකයින්ගේ සහයෝගය මත පාසල තුල ජපන් භාශා ඉගෙනුම් මද්‍යස්තානයක්, සෞන්දර්‍ය ඒකකයක්,කරාටි පුහුණු මද්‍යස්තානයක් ආරම්භ කිරීමට ව්‍යපෘති සම්පාදනය කර ඇත.විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු  ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මකවේ.  ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය , පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි. විදිමත් විෂයමාලාව යටතේ සිංහල,ගණිතය,ඉංග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රිසි,බුද්ද දර්මය,ආදී විශයන් 13 පමණ ක්‍රියාත්මක වන අතර විශය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි. මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 22 ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විතය.  549 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "අනාගත අභියෝග ජයගතහැකි නිර් මානශීලී ගුණගරුක පරිසර හිතකාමි පුරවැසියෙකු බිහි කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2025 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.