නව ශිශ්‍යනායක මණ්ඩලය.

img-20231130-wa0004.jpg
13-1.jpg

පාසලේ අනන්‍යතාවය දක්වන අංග අතර නිල ඇදුම ඉතා වැදගත් වේ.පහත දැක්වෙන්නේ අප පාසලේ ටයි පටිය සහ පාසල් ලාංජනයයි.එමෙන්ම ගැහැණු ළමුන්ගේ සහ පිරිමි ළමුන්ගෙ නිල ඇදුම ක්‍රමවත්ව තිබිය යුතු ආකාරය පිලිබද වැදගත්වන කරුණු රැසක් පහතින් වැඩි දුරටත් විස්තර කර තිබේ.

 

 

පිරිමි ළමුන් (6-9)

1.කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)

2.හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.

3.පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.

4.අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.

5.බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.

6.කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.

7.කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.

 

 

පිරිමි ළමුන් 10-13

1කොණ්ඩය කෙටි කොට පැත්තට පීරන්න.(පැති කොටස හිසකෙස් අගල්1/2ක් දිග)

2 කොණ්ඩ‍යේ ඉහළ කොටස අගල් 2ක් දිගයි හිසෙහි පැත්ත සහ හිස මුදුන වෙන වෙනම නොපෙනේ.

3 පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කොනෙහි මැහුම් කළ යුතුය .

4 පාසල් ලාංඡනය කමිසයේ වම් සාක්කුවේ පැලදිය යුතුය.

5 සපත්තු වල වර්නය කළු විය යුතු අතර විවිධ විලාසිතාවන්ගේ සපත්තු පැළදිය යුතු නැත.

6 කමිසය වැලමිටෙන් අගල් 4 ට නොඅඩු විය යුතුය.

7 කලිසමේ පිටුපස සාක්කුව දකුණු පැත්තේ තිබිය යුතුය.

8කලිසමේ පහළ දාරය සපත්තු මට්ටමින් විය යුතු අතර ඉහළ ඉණ ආකාරයෙන් පැළදිය යුතු නොවේ.

9කලිසමේ පහළ දාර සමාන්තර වියයුතුය.කලිසම පාමුල14  1/2   විය යුතුය.

                           

 

                         

ගැහැණු ළමුන් (6-13)

1.කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.

2.පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.

3.වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.

4.ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.

5.සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.

6.කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.

7.කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.

8.බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.