පො/දිඹූ/ඇල්ලේවැව මහා විද්‍යාලයේ වෙබ් අඩවියට වචන කිහිපයක් එක් කිරීමට ලැබීම මට මහත් සතුටක් වන අතර එය සැබවින්ම අප පාසලේ සිසු දරුවන්ගේ දක්ශතා ඔප් නැංවීමට මහගු අවස්තාවක් වූ බවත්, සිසුන්ගේ කැපවීමද මනාසේ පිළිබිඹු කරනු ඇත. දිඹුලාගල අද්‍යාපන කලාපයේ දුශ්කර පාසලක් වන අප පාසලේ සිසු දරුවන් අභියෝග නොතකා මෙම කාර්ය භාර්ය ඉටු කිරීමත් සැබවින්ම ගෞරවයක් වන අතර මෙම වෙබ් අඩවිය දියත් කිරීම සඳහා අප විද්‍යාලීය තොරතුරු තාක්ෂණ සංගමයට මගේ සුභ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.