නව ශිශ්‍යනායක මණ්ඩලය.

img-20231130-wa0004.jpg
13-1.jpg
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.30 ට පෙර පාසලට පැමිණිය යුතුය.
  • පෙ.ව. 7.45 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමෙන් කටයුතු කළ යුතු ය.
  • අවසරයකින් තොරව පාසලෙන් පිටවීම සපුරා තහනම් වේ.
  • පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියදුම දරුවන් ගුරු භවතුන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
  • උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
  • පාසල් නිල ඇඳුම ඉතා පිරිසිදු බවින් හා පිළිවෙලින් යුක්තවීම.
  • පන්ති කාමර තුළ ඉගැන්වීම් කටයුතු සිදු සිදු කරන කාලය තුළදී අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සිසුන් බැහැර නොයෑම,යන්නේ නම් බැහැරවීමේ කාඩ් පත රැගෙන යාම.
  • පන්ති කාමරය තුළ අසනීප දරුවකු සිටී නම් වහාම දෙමව්පියන් හා භාරකරුවන් දැනුවත් කිරීම.
    අත්‍යාවශ්‍ය කාරණාවකට සිසුන් පාසලෙන් රැගෙන යාමට අවශ්‍ය නම් ඒ පිළිබඳව පන්තිභාර ගුරුව බවතා සහ විදුහල්පතිතුමන් දැනුවත් කර දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට දරුවා රැගෙන යාමට අවස්ථාව ලබාදීම.
  • සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
  • කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. එක් එක් විෂයට අදාල සිසුන්ගේ නාමලේඛනයක් විෂය භාර ගුරුවරයා විසින් පවත්වාගනෙ යා යුතු අතර සහභාගී වූ /නොවූ බව සටහන්කොට විෂය නායකයා/නායිකාව මගින් පන්තිභාර ගුරුවරයා වෙත යැවිය යුතුය. අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
  • පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
  • පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ.
  • විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
  • දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට ලිපියක් මගින් දැනුම් දිය යුතු වේ. දින තුනක් ඉක්මවා නොපැමිණෙන්නේ නම් භාරකරුවන් පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමා වෙත භාරදිය යුතුය.
  • පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි.
  • දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
  • පාසලේ සංවර්ධන කටයුතුවලදී හා පන්ති කව රැස්වීම්වලට දරුවන්ගේ මව පියා භාරකරු සහභාගි වීම අනිවාර්ය වේ .
    විදුහල් භූමියේදී හා විදුහලෙන් පිටත දී සියලුම සිසුන් පාසලේ ගෞරවය ආරක්ෂාව වන පරිදි කටයුතු කළ යුතුවේ.  
  • පහසුකම් හා සේවා ගාස්තු නියමිත කාලයට ගෙවා අදාළ රිසිට් පත ලබා ගැනීම.
  • පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
  • විදුහල්පතිතුමන්  හා ගුරු බවතුන් හට කීකරු වීම හා ගෞරව කිරීම.